Friday, March 22, 2013

එදා...මා..... දුරක හිද දුටු...නොසැලෙන මහා කදු යාය... දැක ගන්න ළගට ගොස්... වෙහෙසුණෙමි
දිවා රෑ...
හ්ම්......
මහන්සියි....
අවුරුදු....
ගානක්.
ඇවිද්දා... ඇවිද්ද
දුක් වින්ද
කදු පංති,ගිරි දුර්ග
පසුකරන්
මම ආවා....
සිතූ තරම්
උසත් නැති
සිතූ තරම්
සවියක් නැති
ශේෂ කදු නිම්නය
දුකක් නෑ
පසුතැවිල්ලක් නෑ
ආදරෙයි

Thursday, March 21, 2013

වසන්තය 

ඇවිත් 

එන්න
එන්න

මල්

නෙළන්න

නෑ.....

ඒ 
මල්

අපේ නෙවෙයි

Tuesday, March 5, 2013

නුඹ

සිනා සළන
හඩා වැටෙන
සෙනෙහෙ බෙදන
අහස
නුඹය
        වළා පෙලක
        තරැ පොකුරක
        සිහින ගෙනා
        අහස
         නුඹය

මල් අහුරක
පිනි බිදුවක
සිසිල රැන්දු
අහස නුඹය
        
            අහස් ගගේ
            ඉඩක් අහිමි
            සුලං රොදක
            සිහිල මමය

මල්

ඒක ඒක මල්
බිමට වැටුණි
වාහනයක්...
දෙකක්..
ආයෙමත්
එක
    එක
මල්
               බිමට

 වැටුණ