Tuesday, February 26, 2013


නොඇරඹුණ සටන

විදත් සහස් දුක් ගිනි කද
බලත් රුහිරු රත් පැහැ වෙද
නොදත් අපේ හදවත් නද
තවත් ‍තොපට නොදෙනෙමු හද
අත් නොහරිමු මළත් හෙටත්
යදම් දමා සිර කරතත්
සීසීකඩ අමුඅමුවේ
ගලා හැලුණ රුහිරු දිගේ
බලව සිනාසෙව නරියෙනි
ලේ සුව‍දට අල්ලා ඉව
නැ‍තේ තොපට ඉඩක් හදේ