Friday, February 16, 2018

ඇස් පියන් වැසෙන විට
තිගැස්සෙන හිත අස්සේ
හංගාන මම උන්නු ආදරී
කවුරුවත් දකීවිද
උඹේ ඔය ඇස් අස්සේ
මං ඉන්නවා නිතර ආදරෙන්

අපි ආයෙමත් මුණ ගැහෙනකන්
හිත කලබලයි නුඹ ගැන හිතයි
දහසක් අතර තනිකම සොයයි
මුමුණන්න හැගුමන් ජීවිතේ

නුඹ එක්ක ඉගිලෙන්න ඕනෑතරමට
පියාපත් නැතත් ජීවිතේ
මඟ බලනවා හැම හුස්මක් ගානේ
හින කන්දකි ජිවිතේ