නුඹ මිස ...
විවිධ අත්දැකීම් සමග ජීවිතයට යන එන විවිධ පුද්ගලයන් සමග ජීවිතය ගෙවන අපට අප වගේම තවත් අයද මුණ ගැසෙන්නේය. සොයුරියගේ නිවසේ සිටින මවු පියන් සමග දින කිහිපයක් ගත කර නැවත නුවරට යන අතර පොල් ගහවෙල දුම්රිය පොළට ගොඩ වුණේ මහ දුරක් නොවුණද දුම්රියේ ගමන් කිරීම අමුතුම සුන්දර අත්දැකිමක් බැවින් ... නියමිත වෙලාවට පැයත් දුමිරිය ප්රමාද වන බව දැන ගත් මා බසයේ නොයා දුම්රියේම යෑමේ උණ නිසා ඒ පැය දුම්රියපලේම ගත කරන්නට සිතා ගත්තේ ලංකාවේ දුමිරිය ගැන සුපුරැදු කනස්සල්ලෙනි ..... හිටි හැටීයේම කිසිවෙකු මා අසලින් එක්වරම හිද ගත් බව දැනුනෙන් මා හැරී බැලීමි ... චූටි නොනා යාපනේ යන්නද ...ඔහු වයස අවුරැදු 70 ක පමණ සීයා කෙනෙකි... නෑ සීයේ මම නුවර යන්න ... අද කෝච්චිය පරක්කුයි එහා පැත්තේ ඉඩක් නෑ ඒකයි මෙතන ඉද ගත්තේ මම එක හුස්මට කියා ගෙන ගියේ ඔහුට තවත් ප්රශ්න ඉතිරි නොකරමිනි ...
"මම මේ යාපනේ යන්න කියලා"
"තනියම......????" ඔහු ඔහුගේ ගමනානන්ත කී පසු මම මදක් පුදුම වූයේ මහළු ඔහු සමග කිසිවකු නොසිටි බැවිනි.
"ඔවු .... තනියම .... මම තුන් හතර පාරක්ම ගියා ... '
ඒ මොකටද සීයේ " මම මද කුතුහලයෙන් විමසීමි.
කොච්චියේ යාපනේට යන්න මම ආසයි නෝනේ .... නියම ගමන
"ඉතිං සීය ගිහින් නවතින්නේ''
මගේ කුතුහලය තවත් වැඩිවූ අතර මොන අයුරින් හෝ අනෙකා අපට සමාන වන්නේ පුදුම සහගත ලෙස යැයි මම සිතීමි....
''ඉස්ටේෂමේම ඉන්නවා ... ඉදලා ආයේ එනවා.....
කොච්චියේ තනියෙන් යාපනේ යන්නට මටද නේක වර ආසාවන් පහළව ඇති බව මට මතක් විය ... ඊට සමාන ආසාවන් ඇති තවත් අයෙකු හමුවීම මට සතුටක් ඇති කලේය.
'' හැබැයි සීය ඔය වයසට තනියෙන් දුර යන එක නම් හොද මදී නේද සීයෙ '' එසේ මා අැසූ විට
මද වේලාවක් මා දෙස බලා සිටි ඔහු එක් වරම කදුළු සලා හඩන්නට ගත්තේ අප අවට සිටි අනෙක් බොහොමයකගේ අවධානයද අප වෙත යොමු වන තරමටය
ඔහුගේ කථාව මා අසන්නටත් පෙර කියන්නට ඔහු උත්සුක වුයේ යාපනේ ගමනට පෙර ඔහුගේ හිතේ තිබූ බර තරමකින් හෝ සැහැල්ලු කර ගන්නට වන්නේය
ඔහු එක හුස්මට කියා ගෙන ගියේය
'' මට මම යන එන කොහේ යන්නත් .... අපායට උනත් මා එක්ක එන්නත් මල් කුමාරියක් වගේ ගෑණියක් හිටියා නෝනා'''
සිය බිරිදට දිය යුතු උපරිම ගරුත්වය දෙන්නට ඔහුට ඔනෑ විය ...
මගුල් තුලා මහ ලොකුවට කරලා ගෙදර ගේන්ට බැරි උනාට අපි දරැවෝ හතර දෙනෙක් හදලා ... උන්ව උස් මහත් කරලා කවදාවත් තරහක් මරහක් නැතිව ජීවිකාව ගෙනිච්චා'''
මම කරේ පුටු වියපු එක රස්සාවට....
අපේ ගෑණි කවදාවත් අපි කවුරුත් බඩගින්නේ තිබ්බෙ නෑ මම මේ තවම කල්පනා කරන්නේ මේ ගැණී එහෙම කලේ කොහොමද කියලා...
අඩු පාඩු කනුත් එමට සිද්ධ වුණා මගෙනුයි අපේ පවුලේ උන්ගෙනුයි
ඔහු ඔහේ කියවාගෙන යයි ... දුම්රිය පැමිණෙතයි මද තිගැස්මකුත් සමග ඇස් පිය නොහෙලා මම ඔහුට සවන් දුනිමි
''දරැවෝ හතර දෙනා උස් මහත් වෙලා උන් හතර දෙනාම ඉතාලි ගියා නෝනා....''
මම ඔහුගේ හිසේ සිට පහලට නැවත හොදින් බැලුවේ යමක් කමක් ඇති දරුවන්ගේ පියෙක් ලෙස ඔහු ගේ ඇදුම් පැළදුම් හෝ මට නොකි කථාව තේරුම් ගන්නටය
ඔහු තවත් හඩන්නට වූයේය...
’අද මගේ ගෙදර මම විතරයි’
‘දරු මල්ලන්ට මොනා තිබ්බත් අද මම කන්නේ මගේ සුපුරුදු රස්සාව නිසයි..’.
ඔහුගේ ආදරණිය බිරියට කුමක් වුණාදැයි අසන්නට මා නොවිසිලිමත් වුවත් එය අසන්නට සිත ඉඩ නොදුන්නේය...
අපි කවදාවත් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න නරකයි සත පහක උදවුවක්... උන් දවසක් දෙකක් අපේ කැත කුණු අතගායි
ඒත් මම හොදින්ම දැනං උන්නා ... මම ලෙඩ වුණ දවසක වචනයක් නොකියා මගේ කැත තුණු අතගාන්න ඉන්නේ මගේ ගෑනියි කියලා
ඔහු තවත් ඔහුගේ බිරිද කොහේ ගියාදැයි මට නොකීය
'' ඒ ගෑණිට මම නැතිව එක තත්පරයක් වත් ඉන්න බැරි වුණා ... අවුරුදු පණහක් වුණ තැනත් මට ගෙදරින් පිට දවසක් ඉන්න දුන්නේ නෑ....
මම තනි වුණා .... එයා ගියා ... මම හිනා වෙලා බඩ පිරෙන්න බත් වේලක් කෑවෙ නෑ එදා ඉදන්.....
ඔහුගේ බිරිද දැන් ඔහු ලග නැති බව මට හැගී ගියේය ....
‘’අවුරුදු ගාණක් හැම අවුරුද්දෙම එක පාරක් නොවරද්දා අපි කතරගම යනවා....”
“අන්තිම පාර සුනාමි ඇවිත් මගේ මල් කුමාරිව අරන් ගියේ අපි කතරගම දෙවියෝ වැදල එද්දියි නෝනේ....”
සුනාමියෙන් ඔහුගේ බිරිදව ඔහුට අහිමි කර ඇති බව මම වටහා ගතිමි ඔහු දරුණු වේදනාවකින් විදවන බව මම දැන් දනිමි
‘’ගැණියෙක් මිනිහෙක් එකට ජීවත්වෙනව කියන එක දැන් කාලෙ විහිලුවක් ... ඒත් අපි එහෙම වුණේ නෑ නෝනේ ....
බඩගින්නේ ඉන්න උනොත් අපි දෙන්නම බඩ ගින්නේ උන්නා... මොන තරම් සෝලි වෙලා නිදා ගත්තත්... ඊ ළග දවසේ උදේ නගැට්ටේ ඒ ගෑනි හිනහ වෙලා මාවත් සතුටු කරලා.... ‘’
ඔහුගේ කතාවේ මම කැමතිම කොටස එය යැයි මට සිතුණි ... අද ගැහැණුන් හා පිරිමින් ආදරය දකින්නේ විකෘති අර්ථකථන රැසක් සමගිනි.
‘'සුනාමිය අරන් ගියේ මගේ ගැණිව විතරක් නෙවෙයි.... මගේ මුළු ජීවිතේමයි.... “
“අපිට දරුවෝ සියක් හිටියත් වැඩක් නෑ නෝනේ .... නෝන වුණත් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා දරුවෝ නෝනව සතුටින් තියයි කියලා ... ආදරෙන් නෝනව ලංකර ගත්ත මිනිහව විශ්වාස කරන්න... දෙන්න දෙමල්ලන්ගේ කැත කුණු අත ගාගන්න හරි ඉන්නේ ඒ දෙන්නමයි...”
‘‘දරුවන් ගැන ඔහුට කිසිදු විශ්වාසයක් ඇත්තේම නැති තරම්ය....’’
දෙමාපියන්ව ජීවිතය කැප කිරීමෙන් රැකගන්නා දරුවන්ද සිටි බවත් එය එසේම නොවන බව ඔහුට පැහැදිලි කරන්නට අවශ්‍ය වුවත් මම එසේ නොකලෙමි.
දුම්රිය පැමිණයෙන් මම ඔහුගෙන් සමුගතිමි ... එවිටත් ඔහු කියන්නට බොහෝ දේ අතිව යාපනය දුම්රිය එන තෙක් මග බලා සිටියේය...
ආදරය ...., මිනිසුන් ගේ ජීවිතයමය ... අනෙකාගේ සතුටමය
මම දුම්රියට ගොඩ වූයේ මා එන තෙක් මග බලා ඉන්නා මගේ ආදරය හමු වීමේ නොඉවසිල්ලෙනි....
මුලක සිට සමාජානුයෝජනය විය යුතු දේශපාලකයන් නළු නිළියන් හා මාධ්‍යවේදීන් - හංසිනි සම්පත්
මුලක සිට සමාජානුයෝජනය විය යුතු දේශපාලකයන් නළු නිළියන් හා මාධ්‍යවේදීන්
රටක ජනමතය යනු එකී රටේ අනාගතය තීරණයකරන ප්‍රධානතම සාධකයයි. හෙට, රට කුමන මගක යා යුතුදැයි තීරණය වන්නේ අද පොදු ජනමතයේ ස්වභාවය අනුවය.
අප අද සිටින්නේ වැටද නියරද ගොයම් කන දේශපාලන රටාවකට මැදිහත් වූ අභුත රටකය. තමන් පත් කරගත් දේශපාලකයන් රටේ පාලකයන් වූ පසු ඔවුහු හිතක් පපුවක් නැති
ඇස් කන් නොපෙනෙන්නන් ලෙස ක්‍රියා කරනු දැකිම අද රටේ දුලබ අත්දැකීමක් නොවන්නේ ය. කුමක් හෝ වේවා අන් ආසියාතික රට වලට වඩා අති මහත් වුවමනාවකින් හා අති මහත් බලාපොරොත්තු සහිතව වැළද ගන්නා පාලකයන් සිටින රටක ජනතාව වන අප කුමක් වුවද රටට ආදේශ කරන්නට ගොස් මදි නොකියන්නට වරද්දා ගන්නා ජාතියකි .විවෘත ආර්ථික සංකල්පය , දේශපාලන න්‍යාය භාවිතයන් පමණක් නොවමෑතකදී පටන් ගත් නව අයුරේ රාජතාන්‍ත්‍රීය සබධතා(චීයනය ට කඩේ යාම ආදී) නිසා අද අප මුණ දී ඇත්තේ මූලික අරමුණු වලින් ඔබ්බට ගිය අභූත ප්‍රතිපලයන්ටය . ඒ ආදී වූ සංකල්පයන් න්‍යායන් හෝ රාජතාත්ත්‍රික උපක්‍රම තම තම රටවලට ආදේශ කර ගන්නට පෙර විශේෂයෙන්ම ආසියාතික රටවල් අපේ රටෙ අත්දැකීම් හා අනා ගැනීම් තුලින් ආදර්ශ හා පාඩම් උගෙන ගත හැකි බව ඔවුන් දනී . කොටින්ම කිවහොත් ඉංදියාව, ශ්‍රි ලංකාවේ ඇණ ගැනීම් නිසා උගත් පාඩම් රාශියකි.
ඇස් කන් නොපෙනෙන්නන් ලෙස ක්‍රියා කරනු දැකිම අද රටේ දුලබ අත්දැකීමක් නොවන්නේ ය. කුමක් හෝ වේවා අන් ආසියාතික රට වලට වඩා අති මහත් වුවමනාවකින් හා අති මහත් බලාපොරොත්තු සහිතව වැළද ගන්නා පාලකයන් සිටින රටක ජනතාව වන අප කුමක් වුවද රටට ආදේශ කරන්නට ගොස් මදි නොකියන්නට වරද්දා ගන්නා ජාතියකි .විවෘත ආර්ථික සංකල්පය , දේශපාලන න්‍යාය භාවිතයන් පමණක් නොවමෑතකදී පටන් ගත් නව අයුරේ රාජතාන්‍ත්‍රීය සබධතා(චීයනය ට කඩේ යාම ආදී) නිසා අද අප මුණ දී ඇත්තේ මූලික අරමුණු වලින් ඔබ්බට ගිය අභූත ප්‍රතිපලයන්ටය . ඒ ආදී වූ සංකල්පයන් න්‍යායන් හෝ රාජතාත්ත්‍රික උපක්‍රම තම තම රටවලට ආදේශ කර ගන්නට පෙර විශේෂයෙන්ම ආසියාතික රටවල් අපේ රටෙ අත්දැකීම් හා අනා ගැනීම් තුලින් ආදර්ශ හා පාඩම් උගෙන ගත හැකි බව ඔවුන් දනී . කොටින්ම කිවහොත් ඉංදියාව, ශ්‍රි ලංකාවේ ඇණ ගැනීම් නිසා උගත් පාඩම් රාශියකි.
මෙම ආර්ථික හා දේශ පාලන අසාර්ථක භාවයන්ට හා රට ඇතුලත ගිනි වලට වග කිව යුත්තෝ කවුද ? යන්න අද ද ඊයේ මෙන්ම රටේ ජනතාවට ඇති විශාලම ගැටළුව වී ඇත්තේ ය. එදා සිටම අද වනතුරු රට තුළ පොදු ජනමතය නිසි අයුරින් ගොඩනැගීමක් සිදු නොවීම හා රටේ අනාගතය උදෙසා වුණ පොදු ජනමතයක් සකස් නොවීමත් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ‘‘ පොදු ජනමතය“ පොදුජනමතයක් නොවීමත් ආදී කරුණු මෙයට හේතු ලෙසදැකිය හැකි වේ.
එදා පටන්ම රටේ ජනමතය තීරණය වීමෙහි ලා පොදුවේ වග කිව යුතු පුද්ගල සන්දර්භයන් වූයේ දේශ පාලකයන් ,නළු නිළියන් හා ජනමාධ්‍ය වේදීන්ය . රටේ උගතුන් බුද්ධි මතුන් ද මෙයට වග කිව යුතු යැයි කීම අසාධාරණ නොවුණද අද අපේ රටේ ධනාත්මක හෝ සෘණාත්මක ප්‍රතිපල ලගා කරන පොදු ජනමතය ගොඩ නගන ප්‍රධානතම බල වේගය බවට පත්ව ඇත්තේ පෙරකී කොට්ඨාශයන් තුනය. එහි වැඩි දායකත්වයක් දේශ පාලකයන්ටද ඉන් පසු පිළිවලින් ජනමාධ්‍ය වේදීන් හා නළු නිළියන්ටද අද හිමිව ඇති බවක් පෙනෙන්නට ඇත. එමෙන්ම පොදුජනමතය යන්න ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබදව කතා කිරීමේදී ජනමාධ්‍ය ආයතනයන්ට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. ලංකාවේ ද ජනමාධ්‍ය එකී ක්‍රියාවලියට දායකත්වය සපයන ලබන මුත් එය ක්‍රියා කරනුයේ වෙනස්ම ආකාරයකටය වාණිජ පරමාර්ථ විසින් අද රටේ ජනමාධ්‍ය වසාගෙන සිටීම එයට හේතුව වී ඇත්තේය.
පාර්ලිමේන්තුව හා අනෙතුක් දේශපාලන ඒකකයන් නියෝජනය කරනු ලබන නිළ දේශ පාලකයන් අධික ප්‍රමාණයත් රටේ ජනතාවගේ නියෝජිතයන්ව සිටීඔවුන්ගෙන් බොහෝමයක් දෙනාගේ මුහුණු විසින් ඒ ඒ ජනමාධ්‍ය ප්‍රවෘත්ති ඇතුළු විවිධ දේශපාලන වැඩසටහන් ආක්‍රමණය කර ඇත්තේ දේශපාලනයම ඇරෙන්නට රටේ තව කථා කරන්නට මාතෘකා නොමැති ලෙසටය . දිනෙන් දින කෙසේ හෝ තුමනහෝ දේශපාලකයෙක් රූපවාහිණියේ ප්‍රදාන නළුවා බවට පත් වන්නේය .කොටින්ම කිවහොත්පෙරැහැරක් , බෝධිපුජවක් ආදී වැඩ සටහන් පවාදේශ පාලන වීරක්‍රියා බවට පත් කරන්නට අදජනමාධ්‍ය පසු බට නොවේ. ඒ අ රනුව ජනතාව රටේසිදු වන සෑම සිදුවීමකම බර කුමන හෝ පක්ෂයකට පාටකට තබා බැලීමට පුරුදුව සිටී. ඒ කෙරෙහිදේශපාලකයාගේ බලපෑම ඉතා ප්‍රබල ය . ඒ අනුව පක්ෂ භේදය ගැන අවධානය යොමු කරනවා මිස පාලකයන් රටට කරන්නේ කුමක්ද යන්න ගැන විචාර බුද්ධියෙන් විමසන්ට අද ජනතාවට වුවමනාවක් නැත. වුවමනාවක් ඇති වුවද එසේ වන්නේ රටේ බඩු මිලවැඩි වන හෝ අතේ මිටේ කීයක් හෝ නැතිවන අවස්තාවලය. එම සිතිවිල්ලද ටික කලකට සීමාවන්නේ ඕනෑම අර්බුධයක මුල් අවධියේ දී පමණක් සටන් කොට කාලයත් සමග පවතින තත්වය ජීරණය කරගනිමින් සටන අමතක කිරීමේ පුරුද්ද අපට ඇති බැවිනි. අර්බුධයන් කෂණිකව ජනතාවට අමතක වී යන අතර මැතිවරණයන් ආසන්න වන විට දේශපාලනයට හෝ දේශ පාලයකයන්ට විරුද්ධව තමන් තුල වූ කුමන හෝ විරෝධතාවක් වී නම් ඔවුන් එය අමතක කර දමනු ලබන්නේ දේශපාලකයන්ගේ සිහින හා බොරු පොරොන්දු වලට වශී කෘත වෙමිනි .
ඒ අතරේ දේශපාලකයන් සීරුවේන් තමන්ගේ බඩ වඩා ගන්නේ අති අසාධාරණ ලෙස පොදු ජනතාවගේ උවමනා ගැන තඹ දොයිත්තුවකට මායිම් නොකරය.පසුගිය දශක තුනක පමණ කාලයක් තිස්සේ රටේනායකයන් කුමන අයුරකින්හෝ ජනතා මතයට කන්දුන්නා යැයි අපට සිතිය නොහැක්කේ ඔවුන් සැමවිටම රට ගැන තීරණ ගත්තේ තමන්ගේ ගොඩ වැඩිවනවානම් පමණක් වීම හේතුවෙනි . ඔවුන්ට ඕනෑමපක්ෂයකට මාරු වෙන්නටත් නීතිය නවන්නටත්මෙන්ම වැරදි කර හිරේ විලංගුවේ වැටුන පසුු හඩාවැල පී උපාසක වේශයන් ගැනීමටත් ආදී සියල්ලක්මපුළුවන් වීමේ ලැජ්ජා නැති කම බහුතරයක් දේශපාලකයන් තුළ ඇත්තේය. ඉදින් එවන්පිරිසකගේ ආකල්ප හා ක්‍රියාකාරකම් පොදු ජනමතයට සිදු කරන හානිය අති මහත්ය.
රටේ නළු නිළියන් පිළිබදව ජනතාව අතර ඇත්තේ ඊට තරමක් සමාන වූ කියවා ගැනීමකි. කුමන අයුරකින් හෝ ටෙලි නාට්‍යකට මුහුණ ඔබා ගන්නටත් පුවත් පතක මුල් කවරය සරසන්නටත් සිය උපරිම කැප කිරීම කරන බොහෝමයක් නළු නිළියන් එම කැප කිරීම සිය රංගනයන් වැඩි දියුණු කිරීමට හෝ ඒවා ඔප මට්ටම් කිරීමට යොදවනු නොලබයි . අද අපේ රටේ බොහෝමයක් නළු නිළියන්ගේ පෞද්ගලික ජීවිතාන්දරයන් දික් කසාද වීම් හා පවුල් කඩා කප්පල්වීම් ඔවුන් රගපාන කලා නිර්මාණ වලට වඩා රසවිදින්නට අද අපේ ජනතාව යෝමු වී ඇත. විවිධ සමාජ මාධ්‍ය ජාලා තුල නළු නිළියන් රග පානු ලබන චරිතද අද ජනතාව ඉතා කැමැත්තෙන් තලු මරමින් සිටින්නේ සමහර විටක ඔවුන් රගපෑ කලා නිර්මාණමොනවා දැයි යන්නවත් නොදැන ය . ඉංදියානු දීර්ඝ නාට්‍ය නරඹමින් අපේ නළු නිලියන්ගේ ජීවිත කථා රස විදින්නට අද අපේ ජනතාවට සිදුව තිබීම සැබෑ ඛේදවාචකයකි. තම ජනතාවගේ මනසට යම් සාධනීය හෝ රසවත් අත් දැකීමක් ලබා දී ඔවුන්ගේජීවිත වලට ආදර්ශ නැත්නම් රසයක් සපයනවා වෙනුවට නළු නිළියන් කරන්නේ උපන්දින සාද සංවිධානය කරමින් අපේ චූන් අපට චූන් කියා ගන්නා සෙයකි. මේ සෑම සියල්ලක්ම ජනතාව ගේ ජීවිතවලට එක්ක රන්නේ කුමන අයුරේ හෝ වැදගැම්මක්ඇති අත්දැකීම නොවේ.
නළු නිළියන් එහෙම පිටින්ම තමන්ගේ පවුල්ජීවිත වල අත්දැකීම් ජනතාවගේ අත් දැකීම් බවටපත් කරමින් සිටී ඒ නිසාම ඔවුන් උදේට හවසටකෑවේ බීවේ මොනවාද ඔවුන් නිදා ගත්තේ කෙලෙසද යන්න සොයන ප්‍රෙක්ෂක ජනතාවක් අද බිහිවී ඇත. ඒතුලින් නිර්මාණය වන ජනමතය හොද අනාගතයකට මගපාදන්නක් නොවන්නේය.
ජනමාධ්‍යවේදීන්ගේ ජනතා මෙහෙවරද ඒආකාරයේම ය. ඔවුන්ට ලැබී ඇති අන් අයට නොලැබෙන අගනා අවස්ථාවෙන් රැකියාවේගෞරවය රැකගන්නට අද බෙහෝ මාධ්‍ය වේදීන්ට නොහැකිව ඇත්තේය. ඔවුන් බොහෝමයක් දෙනා බලා සිටින්නේ කවුරුන් හෝ දේශපාලකයකු වමට හැරෙන් කීවිට වමට හැරෙන්නටත් දකුණට හැරෙන් කී විට දකුණට හැරෙන්නටත්ය.දේශපාලකයන්ගේ නිවෙස් වල භෝජන සංග්‍රහ හා විවිධ සොච්චම් දීමනාවන්ට ප්‍රති උපකාර කරන්නට සිදුවිම අද රටේ බොහෝමයක් මාධ්‍යවේදීන් පත්ව ඇති ඉරණමයි. තමන් පමණක් එකී ඉරණමේ නොවැටී ඔවුන් එසේ නොකර ස්වාධීනව සිටින අතලොස්ස හටද කොන්ද කෙලින් තබාගෙන පොදු ජනතාවගේ හෙට වෙනුවෙන් සූදානම් කිරීමේ කාර්ය භාරයට බාධාකරමින් සිටී. රූපවාහිනී ගුවන් විදුලි මෙන්ම පුවත්පත් මාධ්‍යවේදීන් ද තම තමන් සේවය කරන තම තමන් වැඩ කරන දේශපාලකයෙකු හෝ දේශපාලකයන් කිහිප දෙනෙක් හා පක්ෂයක් තෝරාගෙන ඒ වෙනුවෙන් පොදු ජනතාවගේ කාලය ද නිදහස ද ජනතාවට ද නොදැනෙන්නට තමන්ගේ මෙන් භාවිතා කරමින් සිටී . ඒ නිසාම ජනතාව ඕනෑම දෙයක් පිලිබද දැරිය යුතු ආකල්පය කුමක්ද යන්න තීරණය කිරීමට අද ජනමාධ්‍යවේදියාගේ ක්‍රියාකලාපය සෘජුව බලපා ඇති අතර ගැටළුව වී ඇත්තේ නිශ්චිත හා සාධනීය පොදු ජනමතයක් වෙනුවට අයාලේ ගිය ජනතාවටත් නැති රටටත් නැති කොහේටවත් නැති සීමිත පිරිසකගේ හෙට දවසට පාර කැපෙන අංගවිකල පොදු ජනමතයක් බිහිවීමය.
අද රටේ දේශපාලකයා නළු නිළියන් හෝ ජනමාධ්‍යෙව්දියා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම තමන්ට අදාල චරිත රගපාන්නට අසමත් වී ඇත . එකී අසමත් භාවය තුළ අතාර්කික පොදු ජනතාවක් බිහිවී ඇත්තේය. ඒ නිසාම ඔවුන් අද සිතන්නේ ද පතන්නේද මේ මොහොත ගැනම පමණි . කොහේ හෝ සිටින දේශපාලකයෙකුට තවත් දේශපාලකයෙකු විසින් කරන පෞද්ගලික පහර ගැසීම් අවමාන , කොහේ හෝ නළුවකු තව නිළියක හා දීග කෑම හෝ කට වාචාල කම පමණක් උපරිමයෙන් ඇති මාධයවේදියෙකුගේ වර්ණනාවන් ආදී මනෝවිකාරතුළින් ලෝකය දෙස බලනවා මිසක මේ සියල්ලකම අවසානයේ තමන්ට වන දෙය ගැන ජනතාවට වගේවගක් නැත. එවැනි දෑ හරි හැටි තේරුම් ගත් ජනතාවගේ අද වෙන දේ ගැන හෙට උදේ වන විට පොදු ජනතාවට අමතකව යන්නේ මූලික ලෙසම පෙරකී චරිත වල හැසිරීම විසින් ජනතාව වෙනම දිශාවකට යොමු කිරීමය.
මෙකි සියළු පිරිස් තම තමන්ට ඕනෑ දේ කරමින් ජීවත් වන්නේ ජනතාවගේ පිහිටෙන් බව අද කිසිවෙකුටත් මතක නැත. ඒ නිසාම තම තමන්ගේ වගකීම ද තමන්ට හිමි කාර්ය භාරයද අමකතකරමින් ඔවුන් අයාලේ ගොස් සිටින බවක් පෙනෙන්නට ඇත. ඒ අනුව ඔවුන්ගෙන් කිසිවක් ගැන හෙට වෙනුවෙන් බලාපොරොත්තුවක් තැබිය නොහැක. එසේ බලාපොරොත්තු තබා ගැනීමට නම් විය යුත්තේ අද දේශපාලකයන් ,නළු නිලියන් ,ජනමාධ්‍යවේදින් ආදී මේ සියල්ලක්ම නැවත සමාජානුයෝජනය වීමය. එවිට තමන් හැසිරිය යුත්තේ කෙසේද හා කල යුත්තේ කුමක්ද යන්න ගැන ඔවුන්ට අවබෝධයක් ලැබෙනු ඇත . ඒ අනුව ඔවුන්ට ඔවුන්ව ද, රටේ ජනතාවට තමන්ව ද සොයා ගැනීමට අවස්ථාවක් සැළසේ.
මුලක සිට සමාජානුයෝජනය විය යුතු දේශපාලකයන් නළු නිළියන් හා මාධ්‍යවේදීන් - හංසිනි සම්පත්
ඇය මරා දැමිණ…| ඒත් හෙට..?
ඇය මරා දැමිණ…
එය සැබවින්ම හද සසල කළේ ය.. එය දරුණුය…කුහකය….ලැජ්ජා සහගතය…
ඇය මරා දැමිණ. අධම දේශපාලනික ඕනෑ එපාකම් මත සියල්ලට විසදුම් ලැබෙන ශ්‍රී ලාංකේය සමාජයේ අන්ත දුක් ගැහැට මැද ජීවිකාව ගෙන ගිය රිසානා, ශාරියා නීතිය අනුව සිය මවුබිමේන් එපිටදී නොබෝදා හිස ගසා දැමීමෙන් මරා දැමුණේ ඇයට වයස අවුරුදු 25දී ය. අවුරුදු 7ක් තිස්සේ මවුබිමේ වගකිව යුත්තන් විසින් සිය යුතුකම් පැහැර හැරීමේ වරදට දඩුවමක් ලෙසිණි.
විදේශ සේවා හා ප්‍රවර්ධන හා සුභ සාධන ඇමති වරයා රිසානා බේරා ගැනීම ගැන (විෂය ගැන කිසිදු සංවේදීකමක් නැතිව, ඇමතිකම් කරන ලාංකේය ඇමතිවරයකුගේ නියම අනන්‍යතාව ඉස්මතු කරමින්) පාර්ලිමේන්තුවේ පාරම් බාද්දී ද ඇය අවසන් හුස්ම හෙලා අවසන්ය.
ඈ මරණ දඩුවමට නියමිතව සිටියදී විවිධ ස්වරූපයේ දේශපාලනික පරමාර්ථද ආගමික අරමුණුද ආදිය විසින් ඇගේ ජීවත්වීමේ අයිතිය ගැන කථාකරන්නට පිරිස් සිටියහ. නමුත් අවසානය තෙක් සටන් කරන්නට කිසිවකුට ඉඩ නොදෙන රටේ එවැනි වෑයම් සාර්ථක නොවිණි. අවසන ඈ තමන් නොකළ වරදකට කෙසේවතුදු තමා දුප්පතකු ව උපන් වරදට දඩුවම් ලද්දීය.
ශෝකය පළ කිරීමට, ඈ ගැන දුක් ගී ගැයීමට, දියණිය මළ දුකට මවුපියන්ට මිල නියම කිරීමට, ඔබ්බෙන් වූ සමාජ වගකීමක් දැන් අපට ඇත.
මූලිකම කරුණ වන්නේ තවත් රිසානලා බිහිවීමේ ඛේදාන්තයෙන් රට වැසියා බේරා මුදා ගැනීමය. පසුගිය වසර ගණනාව පුරා විදේශ සේවයට ගිය බහුතරයක් ලාංකේය කතුන්ගේ ජීවිත පිරී ඇත්තේ අතිශය දුක්ඛ්ත මුත් රටේ දේශපාලන බලවතුන්ට නොපෙනුන හෝ නොපෙනෙන ගැහැට වලිනි. එක් අතකින් ඔවුන් විදේශගතව අන්ත අසරණ සේ විදේශිකයන්ගේ අණසකට යටත්ව දුප්පත්කමට වන්දි ගෙවති. තවත් අතකින් ඔවුන්ගේ දූ දරුවන් පවුලේ සාමාජිකයින් නොසිතූ විරූ ගැටළු වලට මුහුණ දෙති. අවසන ජීවිත නොදිනන ඔවුන් රටේ ජාතික ආදායම ට කීයක් හෝ හම්බකළ මුත් තිබුණාටත් වඩා දුක පිරි ජීවිත වල උරුම කරුවෝ වී සිටිති. ඔවුන් සිය රට තුළ තමන්ගේම උන්ගේ සෙනෙහස මැද ජීවිකාව කරගෙන යන වාසනා වන්තයින් කරන්නට කියන තරම් ලෙහෙසි නැතත්, අපේ උන් වැඩ කාරකමට නොදෙන කැක්කුමක් අපේ නායකයින්ට ඇතිවීම අද රටේ අවශ්‍යතාව බවට පත්ව ඇත. එවැනි කැක්කුමක් ඇති හෝ නැති එවැන්නක් අති බව පෙන්වන හෝ නොපෙන්වන නායකයින් එය හෙටට කල් නොදැමිය යුතුව ඇත.
එවැන්නක් රටේ ආර්ථිකයට මරුපහරක් වන බව යමෙකු සිතන්නේනම් එහි මූල්‍යමය සාධාරණත්වයක් ඇත. නමුත් ජාතික ප්‍රතිපත්තියකින් හා අවංක කැක්කුමකින් යුතුව රටේ ආර්ථිකය සැළසුම් කරන රජයකට එය නොකළ හැක්කක් නොවන්නේය. එය සීමිත පිරිසක් වටා සම්පත් එක් රැස් කිරීමේ අවශ්‍යතාවයෙන් ඔබ්බට ගිය සැළසුමක් විය යුතුය. මෙහෙකාරකමට විදේශ ගතවන පිරිස වෙනුවෙන් රට තුළ රැකියා උත්පාදනය වන සැළසුමක් විය යුතුය. රටේ අධිකරණයත්, ව්‍යවස්ථාදායකයත් අතර සැබැදියාව අභියෝගයට ලක්කළ ආත්මාර්ථයෙන් හෙබි ආණ්ඩුවකින් එවැන්නක් බලාපොරොත්තුවීම හාස්‍යයක් වනු ඇතත් ඊට රිසි විසදුම ලබා දිය යුත්තේ රටේ පරමාධිපත්‍යයේ හිමිකරුවන් වන අපමය. අප එවැන්නක් වෙනුවෙන් අපගේ යුතුකම පැහැර හරින තෙක් අද ද හෙට ද තව තවත් රිසානාලා බිහිවීම නොවැළැක්විය හැකිය.
එම වගතීම පුළුල්ය, නමුත් පැහැදිලිය.
එනම් එය හෙට අනිද්දා වෙන විට දේශපාලන වේදිකාවල, පොත් පත්තර වල, නාට්‍ය චිත්‍රපටව, රිසානාව මිල කිරීම වැනි වූ කුහක අවශ්‍යතා අභිබවා ගිය මතවාදී වගකීමක් විය යුතුය.
හංසිනී සම්පත් | Hansinin Sampath


No comments:
Post a Comment