තාත්තා දුක් කදුලු මැද
සිය සතුට වෙනුවට
මා සැනසූවේය
අතට ගත් සතයට
මත් වන තාත්තලා මැද
පොතක් පෑනක් ගෙනදී සතුටු විය
අනේක වේදනා අපහස මැද
තියුණුව ලෝකය දකින හැටි ඉගැන්විය
බොරු සෝබන මෝස්තර මැද අතරමංනොවන හැටි කියා දුනි
ඒත් අද
එ මගම යන විට
බොහෝ දෑ අතපසු වූ
ගැහැණියක් වී ඇත...
