Tuesday, May 28, 2013

නොරිකො සං

දෙවෙන්දරා සං
මං මග බලන් හිටියාට
ඇස් දෙකට ඉස්පාසුවක් නැතිව
හිතට පොඩ්ඩක් බයයි
නිකමටවත්
නුඹ නාවොත්,
ආවත්
මාව නොදැක්කොත්....,
ආදර නොරිකො සං කියා ...
මාව පිළි නොගත්තොත්..............................,
මළවුන්ගේ අවුරුදු දා....
කොයිතරම් දුරද තව...

Saturday, May 18, 2013

අහංකාර ඉර
හිතක් පපුවක් නැතිව
කාලාන්තරයක් තිස්සේ
දවමින්
පුච්චමින්
අසරණ කරමින්
දුන්නු දුක කන්ද
.
.
.
.
මෙන්න වැස්සක්.....
කෙහේදෝ...
මාළු බදිනවා
සුවදේ..... බෑ...

මහත්තයා

චිකන්ද
මාළුද
බිත්තරද

නෑ... එපා...
මම
වෙජිටේරියන්....

Sunday, May 5, 2013

කවි

කවි

දෑස් නොලද
                 දෙකන් අහිමි
ආදරයක්
             කුමට විදිමි
වදන් අහිමි
                    සිහින දකිමි
සැබෑ වුණද
             යළි නොවිදිමි

මම....
වීදිය දිගේ
යන ගමන්
ඇහින්ද මල
පරවුණ
ඉක්මන....

Friday, May 3, 2013

නෑ... මට ඕනි















මම හිත හිත ඔහේ හිටියා
හුළගක්.....?
නෑ.........
ඒ...ගැඹුරු
හුස්මක්
මම
හිරිවැටුණා
ඕනි
එපා
ඕනි
එපා
නෑ ... මට ඕනි
එපා.... ඒ හුස්ම ගැඹුරු නෑ.....
කමක් නෑ
මට ඕනි.....
එපා.....