Tuesday, August 1, 2017

වීදී දරුවාගේ සිහිනය


Related imageහැමදාමත්..

මං උදයට
පාලම උඩ ...
වැටේ ඉදන්
බලන් ඉදිමි......
....

මං වගේම පුංචි ළමයි...
පාසැල් යන.
දෙනෙත් පියමි
සිහින දකිමි...
පාසැල් යමි....

හැර දමා යන සිහිනයට,,,



මා ලෙයෙහි සුවද මැද
හොවා ගත් ම පුත මා... කුස,
හැර දමා යමින් බිද බිද
රිදවමින් මහද ගැඹුරින්
උගන්වයි' ජීවිතේ පාඩම
නො ඇළි හිදින්නනයි කිසිවක කෙරේ...
වට පිටෙහි වග වළසුන්
ගල් ගසාවී මවට නුඹ 
අසමත් විණැයි මා
ගෙනෙන්නට නුඹ මේ ලොවට
නොසැලෙමින් 
ඉදිමි ....
සවි කරන් හිත
දුබල ගතමැද සිර කර
මරණයද අහිමි සද
නුඹ පියා සිටින තුරු  මා අත්වැලව

Thursday, January 26, 2017

නිදහස

ලේ හලපු උන් මැද
දිවි දීපු උන් ලග
අපේ උන්ගේ කදුලු මැද
උන් දීපු නිදහසක් නැතිවග
උන් දිනපු යුද්ධයක් නැති වග
නොතේරුන ගානට
සුදු රෙද්ද පොරවාන
නිදහසට සැරසෙන
යකුනේ
දිවි පිදූ උන්
සිංහලද දෙමලද
නැවත උන්
නූපදිනු ඇත
මෙබිම මත...

Monday, January 23, 2017

පරතරය
උනුන් අතර
නුඹ සුවද මල
අමිල 

කරවිල මල

රෝස මල්
විතරමද
මල්
ඇයි....
කරවිල මල්

Tuesday, May 17, 2016

තාත්තා දුක් කදුලු මැද
සිය සතුට වෙනුවට
මා සැනසූවේය
අතට ගත් සතයට
මත් වන තාත්තලා මැද
පොතක් පෑනක් ගෙනදී සතුටු විය
අනේක වේදනා අපහස මැද
තියුණුව ලෝකය දකින හැටි ඉගැන්විය
බොරු සෝබන මෝස්තර මැද අතරමංනොවන හැටි කියා දුනි
ඒත් අද
එ මගම යන විට
බොහෝ දෑ අතපසු වූ
ගැහැණියක් වී ඇත...

Friday, February 12, 2016

කව් ගී ලියා ඇත මිනිසුන් අප්‍රමාණව
මමද ඒ අතර
එහෙත් හමුවූ පසුව නුඹ නොලීමි එකදු
කවියක් නුඹ ගැන
ලියන්නට ගත් මුත්
ලියා නිමකළ නොහැකි බව දැනුණෙන්
බලා උනිමි
ආදරේ දෙස නුඹ මවෙත පෑ
උඩු යටිකුරුව විටෙක සිත රිදවන
ගැහැණු ප්‍රේමවන්තියන් නොවිය යුතුය කිසි දිනෙක
උන්ට නොතැලෙන යකඩ වනු නොහැකිනම්
උඩපැන තලන විට

උභතෝකොටික පෙම්වතුන්

Monday, June 30, 2014


නුඹේ හදවත මත
හීන් නූල
මා බැද තැබූ




පරිස්සමින්
රකින්නට
වෙර ගමි

කුණාටු,සුළි සුළං එමටයි
මේ දැනුත්

මහ මුහුද මම
කප්පරක් දුක් උහුළන
සැළෙන මුත් නොසිදෙන,

වෙරල නුඹ....
නොසැළෙන...,
යනෙන විට මා ඉවසන

කොතැනක
නතර වුවසිරුර
එකම එක දෙයකි ....;
හදවත
නුඹ සමග බව දිවුරමි
මා මළද
මට මාද නොහැගෙන
එකම එක අදහස
මෙයම පමණකි

මා...
නුඹට
ආදරේ ඇයි
මෙපමණ





Tuesday, November 5, 2013

එය එතෙකින් නිමා විය ...
.......අදුර .....

Monday, July 1, 2013

අපි

මම
තරු  දැක
නින්ද සොයමි
ඔබ‍
තරු ගෙන
රටා අදියි

මම සද දැක
උණුසුම් වෙමි
ඔබ සද ගැන
කවි අමුණයි

මම වැස්සේ 
පිණි අමුණමි
ඔබ වැස්සට
සෙවන හොයයි




 

.


...


?????


AhAsA


Tuesday, May 28, 2013

නොරිකො සං

දෙවෙන්දරා සං
මං මග බලන් හිටියාට
ඇස් දෙකට ඉස්පාසුවක් නැතිව
හිතට පොඩ්ඩක් බයයි
නිකමටවත්
නුඹ නාවොත්,
ආවත්
මාව නොදැක්කොත්....,
ආදර නොරිකො සං කියා ...
මාව පිළි නොගත්තොත්..............................,
මළවුන්ගේ අවුරුදු දා....
කොයිතරම් දුරද තව...

Saturday, May 18, 2013

අහංකාර ඉර
හිතක් පපුවක් නැතිව
කාලාන්තරයක් තිස්සේ
දවමින්
පුච්චමින්
අසරණ කරමින්
දුන්නු දුක කන්ද
.
.
.
.
මෙන්න වැස්සක්.....
කෙහේදෝ...
මාළු බදිනවා
සුවදේ..... බෑ...

මහත්තයා

චිකන්ද
මාළුද
බිත්තරද

නෑ... එපා...
මම
වෙජිටේරියන්....

Sunday, May 5, 2013

කවි

කවි

දෑස් නොලද
                 දෙකන් අහිමි
ආදරයක්
             කුමට විදිමි
වදන් අහිමි
                    සිහින දකිමි
සැබෑ වුණද
             යළි නොවිදිමි

මම....
වීදිය දිගේ
යන ගමන්
ඇහින්ද මල
පරවුණ
ඉක්මන....